පාතාලයේ දියණිය - ආදරය කුතුහලය සහ කොස්ටා ඩෙල් සොල්හි පාතාලය
Owen Jones
Translator Roshan Perera
Publisher: Tektime
Summary
පාතාලයේ දියණිය, ආදරය, කුමන්ත්‍රණයන් සහ කොස්ටා ඩෙල් සොල් හි පාතාලය වට ගෙතුන කතාවකි. ඩේසි යනු ධනවත් හිටපු ලන්ඩන් මැරයෙකු වන ජෝන්ගේ සහ ඔහුගේ ස්පාඤ්ඤ ජාතික බිරිඳ වූ තෙරේසාගේ ආඩම්බර දියණියයි. ඇය හැදී වැඩුණේ කොස්ටා ඩෙල් සොල් හි මාර්බෙලා හි, එනම්, අපරාධ සඳහා ප්‍රසිද්ධ කොස්ටා ඩෙල් හි විය. ඇය තම දෙමාපියන්ට අතිශයින් ගෞරව කළ අතර, විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසු පවුලේ ව්‍යාපාර කරගෙන යාමට උදව් කරමින් තම මහලු පියාගේ සිත් ඇදගැනීමට උත්සාහ කළාය. කෙසේ වෙතත්, විනිශ්චයේ විනාශකාරී දෝෂයක් නිසා පවුල ඛේදවාචකයකට මුහුණදෙන අතර, ඇගේ මව ඩේසිව ප්‍රදේශයේ ප්‍රජාවට උපකාර කිරීමේ ආරක්ෂිත මාවතකට යොමු කරයි. පාතාලයේ දියණිය යනු ප්‍රසන්න සතුටුදායක අවසානයක් සහිත ඛේදනීය කතාවකි.
